Home අද ඒ එදාය. මේ අදය

ඒ එදාය. මේ අදය

79
0

ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා සහ රජය අතර අත්සන් තබනු ලබන ගිවිසුම් සම්බන්ධව මේ වන විට රට තුළ දැඩි සංවාදයක් ඇති වී තිබේ.

ඉතිහාසය පුරාවට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විවිධ එකඟතා හා ගිවිසුම් වලට පැමිණි අවස්ථා බොහෝය.ඒ බොහෝ අවස්ථාවල ඊට විරෝධය පළ කිරීමේ වැඩසටහන් වලට නායකත්වය ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණය.

අද ඔවුන්ට විරෝධය පළ කිරීමට අවස්ථාවක් හිමිව නැත මොකද අද රාජ්‍ය කරගෙන යෑමේ බලය ඔවුන්ට පවරා ඇත. මේ නිසා ඉන්දියාව සමග ඇති කරගන්නා ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේ වගකීම දෛවයේ සරදමකට මෙන් ඔවුන්ගේ කරමත පැටවී ඇත. ඒ නිසා අද ඔවුන් නායකත්වය දෙන්නේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමටය.

ඉන්දීය ඉතිහාසයේ බිහි වූ අගමැතිවරුන් අතරින් නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ අට වන අගමැතිවරයා ලෙසය. 1962 පණ්ඩිත් ශ්‍රී ජවහර්ලාල් නේරු, 1973 ඉන්දිරා ගාන්ධි, 1979 මොරාජි දේසායි, 1987 රජ්ව් ගාන්ධි, 1991 ශ්‍රී නරසිංහ රාඕ, 1998 අතල් බිහාරි වජ්පායි, 2008 ආචාර්ය මන්මෝහන් සිං, 2015, 2017, 2019, 2025 ශ්‍රී නරේන්ද්‍ර මෝදිය

ඉතිහාසයේ මෙරටට පැමිණි ඉන්දීය රාජ්‍ය නායකයන් එවකට පැවැති රජයන් විසින් මහා ඉහළින් පිළිගනු ලැබීය. තවත් පැත්තකින් විවිධ අවස්ථාවලදී ඊට නොදෙවෙනි විරෝධතාවන්ද දියත් විය.

එම විරෝධතා පෝස්ටර්, බැනර්, ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කිරීම් මෙන්ම රාජ්‍ය නායකයාට පහරදීම දක්වා දිවගිය ඉතිහාසයක් අපට ඇත. ඒ බොහෝමයකට නායකත්වය ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණය.

ඉන්දු ශ්‍රී ලංකා සාම ගිවිසුම, මෙන්ම දෙරට අතර වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමේදී සිදුවූ ඇතැම් සිද්ධීන් සම්බන්ධව සම්බන්ධව අපට ඇත්තේ යළි නිවැරදි කළ නොහැකි කළු පැල්ලමකි.

මේ ආකාරයට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර වැඩසටහන්වලදී විරෝධතා කරුවෝ මෙරට රාජ්‍ය දේපොළ විනාශ කළහ. ඉන්දීය භාණ්ඩ මිලදී නොගන්නා ලෙස ජනතාවට බලපෑම් කළහ. ඉන්දීය භාණ්ඩ වර්ජනය කළහ.

එදා සාම ගිවිසුම මෙන්ම ඉන්දියාව සමග ඇති කරගැනීමට කටයුතු කළ වෙළඳ ගිවිසුම්.බලශක්තිමත් ගිවිසුම්. ආදියට විරෝධය පළ කර එවැනි විනාශයක් නොකලා නම් අද වන විට එම ක්‍රියාදාමයන් හරහා ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් අත් කර ගැනීමට අවස්ථාව තිබූ බව බොහෝ පිරිස් පෙන්වා දෙති.

ඒ එදාය. මේ අද ය. අද රට පාලනය කරන්නේ එදා විරෝධතා වලට නායකත්වය ලබා දුන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායමය. අද ඔවුන් ඉන්දියාව සමග ගිවිසුම් රැසක් අත්සන් කිරීමට නියමිතය.

ඒ අතර ආරක්ෂක සහයෝගීතාවය.සෞඛ්‍ය සහයෝගීතාව. ඩිජිටල් කරන සහයෝගීතාව.බලශක්ති සහයෝගිතා ගිවිසුම්, ඇතුළු තවත් ගිවිසුම් කිහිපයක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් කිරීමට නියමිතව ඇත

Previous articleඇමරිකාව සමග පැනවූ බදු ගැන සාකච්ඡාවට රජය සූදානම්
Next articleඉන්දු – ශ්‍රී ලංකා ආරක්‍ෂක සබඳතා ගිවිසුම : ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්ගෙන් ප්‍රකාශයක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here