වසර ගණනාවකට පසු රුසියා ජනපති පුටින් විශාලතම හමුදා කැඳවීම ආරම්භ කර තිබෙන බව වරේතා වේ.
ඒ අනුව වයස අවුරුදු 18-30ත් අතර පිරිමි පුද්ගලයන් 160,000ක් හමුදා සේවයට බඳවා ගැනීමට නියමිත අතර මෙය 2011 වසරෙන් පසු රුසියාවේ වැඩිම හමුදා සාමාජිකයන් බඳවා ගැනීමක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
රුසියාවේ හමුදා සාමාජිකයන් සංඛ්‍යාව මිලියන 2.39 කට ආසන්න ප්‍රමාණයකට සහ ක්‍රියාකාරී හමුදා භටයින් සංඛ්‍යාව මිලියන 1.5 දක්වා වැඩි කළ යුතු බව පුටින් පෙන්වා දී තිබෙන බවත් ඉදිරි වසර තුන තුළ 180,000 ක වැඩිවීමක් මින් අපේක්ෂා කරන බවද සඳහන් වේ.
මෙම බඳවා ගැනීම් අප්‍රේල් සහ ජූලි අතර කාලයේදී සිදු කරනු ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් දක්වා තිබේ.