Home අද හාල් ආනයනයේ කොමිස් කුට්ටිය කෝටි 770ක්.? (අහස පොළොව නුහුලන හෙළිදරව්ව මෙන්න)

හාල් ආනයනයේ කොමිස් කුට්ටිය කෝටි 770ක්.? (අහස පොළොව නුහුලන හෙළිදරව්ව මෙන්න)

1479
0

ස්වර්ණ නාඩු සහල් ආනයනය කිරීමට යන්නේ කිලෝවක් රුපියල් 110 බැගින් බවත් නමුත් එම සහල් කිලෝව 220 ට විකිණීම හරහා රුපියල් කෝටි 770ක කොල්ලයක් සිදුවන බව වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත චෝදනා කරයි .

එම කොල්ලයේ කොමිස් යන්නේ මේ ආණ්ඩුවේ කාටද යන්න පැවසිය යුතු බවත් ඔහු අවධාරණය කළ අතර ඒ ජාතික ජනබලවේගය පක්ෂය විපක්ෂයේ සිටින සමයේදී කළ කී ප්‍රකාශද සිහිපත් කරමින්ය .

වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මෙසේ අදහස් දක්වා සිටියේ අද (10) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි .

සහල් සඳහා පාලන මිලක් පනවා තිබුණේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය සිදුකළ විශ්ලේෂණයක් හරහා වන බව ඒ මහතා පැවසීය .

නමුත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඩඩ්ලි සිරිසේන ප්‍රමුඛ ගජමිතුරු සහල් මාෆියාවට නාඩු කිලෝව රුපියල් 265 ක් පමණ වනතුරු ඉහළ දමා ගසා කෑමට ඉඩදී පසුව මිල පාලනයක් කියා රුපියල් 10 ක මිල වැඩිවීමක් ලබාදී එකී පිරිසටම වාසි සැලසූ නමුත් පාරිභෝගික ජනතාව සම්බන්ධව කිසිඳු තැකීමක් නොකළ බවටද චෝදනා නැගීය.

මෙම මාධ්‍ය හමුවේදී වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත දැක්වූ අදහස් මෙතැනින්

Previous articleකතානායක නිහඬයි : ගෞරවය රැකගන්න පාර්ලිමේන්තුව ආචාර්ය පට්ටම ගලවයි !
Next articleකාදිනල් හිමිපාණන් රජයට පොල් විකුණයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here