Home අද විපක්ෂය ගෙනෙන ජනාධිපතිට එරෙහි දෝශාභියෝග යෝජනාවට ආණ්ඩු පක්‍ෂයත් එකඟවෙයි

විපක්ෂය ගෙනෙන ජනාධිපතිට එරෙහි දෝශාභියෝග යෝජනාවට ආණ්ඩු පක්‍ෂයත් එකඟවෙයි

84
0

දකුණු කොරියානු ජනාධිපති යුන්.සුක්. යෝල් මහතාට එරෙහිව එරට විපක්ෂය ගෙන එන දෝශාභියෝග යෝජනාවට සහාය දීමට ආණ්ඩු පක්‍ෂයද අද (12) තීරණය කරඇත .

දකුණු කොරියානු ජනාධිපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්නොවන බවත් අවසන් මොහොත දක්වා සටන් අත් නොහැරෙන බවත් අද ප්‍රකාශ කිරීමත් සමඟ එරට ආණ්ඩු පක්ෂය මෙම තීරණයට එළඹ තිබේ.

දකුණු කොරියානු ජනාධිපති යුන්. සුක්. යෝල්ට එරෙහිව එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රථම දෝශාභියෝගය පසුගිය 07 වැනිදා පරාජයට පත් වූ අතර
ඊට හේතු වූයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 108 න් 106 දෙනෙක්ම ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ සිය අසුන්වලින් නැගිට යෑම හේතුවෙනි.

එරට ආණ්ඩු පක්ෂය මෙම පළමු දෝශාභියෝගයට සහයෝගයට සහාය ලබා නොදී සිටියේ ජනාධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි යන විශ්වාසය ඇතිවය.නමුත් ඔහු ඉල්ලා අස් නොවන බව අද ප්‍රකාශ කිරීමත් සමඟ ආණ්ඩු පක්ෂය මෙම තීරණයට එළඹ තිබේ.

දකුණු කොරියානු ජනාධිපතිවරයාට එරෙහිව විපක්ෂය ගෙන එන දෝෂාභියෝගය සම්බන්ධව ඡන්ද විමසීම අනිද්දා 14 සිදු කිරීමට නියමිතව ඇත.

Previous articleමේ නම නැතුව සජබේ ජාතික ලැයිස්තුව නම් කරන්න එපා – අධිකරණයෙන් වාරණයක්
Next articleඋතුරේ පැතිරෙන උණ හඳුනාගනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here