ස්වර්ණ නාඩු සහල් ආනයනය කිරීමට යන්නේ කිලෝවක් රුපියල් 110 බැගින් බවත් නමුත් එම සහල් කිලෝව 220 ට විකිණීම හරහා රුපියල් කෝටි 770ක කොල්ලයක් සිදුවන බව වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත චෝදනා කරයි .
එම කොල්ලයේ කොමිස් යන්නේ මේ ආණ්ඩුවේ කාටද යන්න පැවසිය යුතු බවත් ඔහු අවධාරණය කළ අතර ඒ ජාතික ජනබලවේගය පක්ෂය විපක්ෂයේ සිටින සමයේදී කළ කී ප්‍රකාශද සිහිපත් කරමින්ය .
වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මෙසේ අදහස් දක්වා සිටියේ අද (10) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි .
සහල් සඳහා පාලන මිලක් පනවා තිබුණේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය සිදුකළ විශ්ලේෂණයක් හරහා වන බව ඒ මහතා පැවසීය .
නමුත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඩඩ්ලි සිරිසේන ප්‍රමුඛ ගජමිතුරු සහල් මාෆියාවට නාඩු කිලෝව රුපියල් 265 ක් පමණ වනතුරු ඉහළ දමා ගසා කෑමට ඉඩදී පසුව මිල පාලනයක් කියා රුපියල් 10 ක මිල වැඩිවීමක් ලබාදී එකී පිරිසටම වාසි සැලසූ නමුත් පාරිභෝගික ජනතාව සම්බන්ධව කිසිඳු තැකීමක් නොකළ බවටද චෝදනා නැගීය.
මෙම මාධ්‍ය හමුවේදී වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත දැක්වූ අදහස් මෙතැනින්