කතානායක අශෝක රන්වල මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් එය ඉදිරිපත් කරන අය ඒ ගැන එක් වරක් නොව දෙවතාවක් සිතා බැලිය යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකටත් වැඩි බහුතරය බලයක් ආණ්ඩුවට තිබෙන බවත් එවැනි අවස්ථාවක විපක්‍ෂය ගෙන ඒමට සූදානම් වන විශ්වාස බංග යෝජනාවට අත්වන ඉරණම කුමක්ද කියා ඔවුන් නැවත සලකා බැලිය යුතුව ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එල්ල වී තිබෙන කරුණු කාරණා සම්බන්ධව කතානායකවරයා සිදුකරන ප්‍රකාශයත් සමඟ මේ කෙරෙහි අවධානය යොමු කරන බවද කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.
විශ්වාස භංග යෝජනාවක් ගැන කතා කිරීමට උචිත කාලය මෙය නොවන බව පෙන්වා දෙන නාමල් කරුණාරත්න මහතා
විපක්ෂය ගෙන එන බව කියන විශ්වාස භංග යෝජනාවට ආණ්ඩුව සාර්ථකව මුහුණ දෙන බව වැඩිදුරටත් පැවසීය.