Home අද සජබේ ජාතික ලැයිස්තුව නම් කෙරේ

සජබේ ජාතික ලැයිස්තුව නම් කෙරේ

86
0

මෙවර මහා මැතිවරණයෙන් සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා පුද්ගලයින් හතර දෙනකු නම්කර ඇත.

සුජීව සේනසිංහ, නිසාම් කාරියයප්පර්, මනෝ ගනේශන් සහ මුත්තු මොහොමඩ් යන අය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා අද දහවල් පත්කරනු ලැබ තිබේ.

මෙම හතර දෙනාගේ නාම ලේඛනය කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.

සමගි ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පහ අතුරෙන් පළමු මන්ත්‍රී ධූරය එම පක්ෂයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමිවූ අතර සෙසු මන්ත්‍රී ධූර හතර සඳහා තවත් නම් ගණනාවක් ඉදිරිපත්ව තිබිණි.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා ගැනීම සඳහා එම පක්ෂයේ සභාපති ඉමිටියාස් බාකිර් මාකර්.ජාතික සංවිධායක තිස්ස අත්තනායක.ඩලස් අලහප්පෙරුම ජී .එල් පීරිස් ලක්ෂ්මන් කිරි ඇල්ල ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු දැඩි බලාපොරොත්තු තබාගෙන සිටි බව එම පක්‍ෂයේ මන්ත්‍රීවරයෙක් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවසීය.

Previous articleඋතුරේ පැතිරෙන උණ හඳුනාගනී
Next articleකතානායකට විරුද්ධව විශ්වාස භංගයක් ගේනවානම් වරක් නෙවෙයි දෙවරක් හිතන්න – නාමල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here