ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිශාම් කාරියප්පර් මහතාගේ නම ඇතුළත් කිරීමකින් තොරව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කිරීම වළක්වා ලමින් කොළඹ දිසා අධිකරණය අද (12)වාරණ නියෝගයක් නිකුත් කරර ඇත.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙවර මැතිවරණයට සමගි ජන බලවේගය සමඟ එක්ව දිස්ත්‍රික්ක කිහිපයකට තරග කරනු ලැබීය.
මෙවර මහා මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පහක් හිමි වූ අතර ඉන් හතරක් තවමත් පුරප්පාඩුව පවතී.