Home අද මාලිමාවේ සළුපට අහසට : ආචාර්ය උපාධිය නැති තවත් ඇමැති ආචාරියෙක් මෙන්න ?

මාලිමාවේ සළුපට අහසට : ආචාර්ය උපාධිය නැති තවත් ඇමැති ආචාරියෙක් මෙන්න ?

2178
0

තමන් නොලද අධ්‍යාපන සුදුසුකමක් සාවද්‍ය ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය ආණ්ඩුවේ තවත් අමාත්‍යවරයකුට චෝදනා එල්ල වෙමින් තිබේ.

මෙවර චෝදනා ලබා සිටින්නේ වත්මන් ආණ්ඩුවේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක ය.

අනුර කරුණාතිලක කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු වන නමුත් වාර්තා වන ආකාරයට ඔහු මෙතෙක් ආචාර්ය උපාධිය සම්පූර්ණ කර නොමැත.

ඔහු මීට පෙර සේවය කළ කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශයේ වෙබ් අඩවියෙහි ද දක්වා ඇත්තේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙසය. ඒ බව පහත දැක්වෙයි .

No description available.

නමුත් පසුගිය සමයේ අමාත්‍යවරයාව ජාතික ජනබලවේගය පක්ෂය විසින් හඳුන්වා දෙනු ලැබුවේම “ආචාර්ය අනුර කරුණාතිලක ” වශයෙනි.

ඊට ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගය පක්ෂයට අනුබද්ධ lankatruth.com වෙබ් අඩවිය සාක්ෂි දරයි. එමෙන්ම ජාතික ජනබලවේගය පක්ෂයේ ලේකම් නිහාල් අබේසිංහ මැතිවරණ කොමිසම වෙත යවනු ලැබූ එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී නාම ලේඛනයේද අනුර කරුණාතිලක ගේ නම සඳහන් කර තිබෙන්නේ ” ආචාර්ය අනුර කරුණාතිලක ” ලෙසයි. එය පහත දැක්වෙයි .

No description available.

එමෙන්ම ජවිපෙ විසින් මාධ්‍ය වෙත whatsapp මඟින් නිකුත්කළ අමාත්‍යවරුන් ගේ දුරකථන අංක ලේඛනයේද අනුර කරුණාතිලක අමාත්‍යවරයා හඳුන්වා දී තිබුණේ ” ආචාර්ය ” වශයෙනි.

No description available.

නමුත් කතානායක අශෝක රන්වල මෙන් ව්‍යාජ තොරතුරු ලබාදී පාර්ලිමේන්තුව නොමඟ යැවීමට අනුර කරුණාතිලක කටයුතු කර නොමැති බවද සඳහන් කළ යුතුය. එබැවින් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ඔහුගේ නමට ” ආචාර්ය ” යොදා නොමැත.

කෙසේ වුවත් ශාස්ත්‍රාලයීය උගතුන් කිසිවෙකු ආචාර්ය උපාධිය ලබා නොමැති නම් සිය නම ඉදිරියේ එය සඳහන් නොකරයි. ආචාර්ය උපාධිය සඳහා ලියාපදිංචිවී සිටියද අධ්‍යයන කටයුතු අවසන් කර උපාධිය සම්පූර්ණ කරන තුරු “ආචාර්‍ය” ලෙස යොදා ගන්නේ නැත. එවැනි පසුබිමක ජාතික ජනබලවේගය පක්ෂය සිය ක්‍රියාකාරීන් හට නොමැති අධ්‍යාපන සුදුසුකම් දක්වමින් සිදුකර ඇත්තේ දැනුවත්ව ජනතාව නොමඟ යැවීමක් බවට සමාජ මාධ්‍ය සහ සිවිල් – දේශපාලන ක්‍රියාකාරීන් චෝදනා කරයි.

මේ වන විට සමාජ මාධ්‍ය තුළ ජාතික ජනබලවේගය පක්ෂයේ මේ පහත් ක්‍රියාව බරපතළ ලෙස විවේචනයට ලක්වෙමින් තිබේ.

Previous articleඋතුරේ පැතිර යන උණ උඩුදුවන ලකුණු – දැනටම මරණ 07ක්
Next articleමේ නම නැතුව සජබේ ජාතික ලැයිස්තුව නම් කරන්න එපා – අධිකරණයෙන් වාරණයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here