රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
2028 ඔක්තෝම්බර් 15 දා කල්පිරෙන “ඒ ” කාණ්ඩයට අයත් රුපියල් මිලියන 80,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර , 2031 මාර්තු 15 දා කල් පිරෙන “ඒ” කාණ්ඩයේ රුපියල් මිලියන 75,000 ක භාණ්ඩාගාර බැඳුම්කර සහ 2033 නොවැම්බර් 01 දා කල් පිරෙන ” බී” කාණ්ඩයේ රුපියල් මිලියන 50,000 ක භාණ්ඩාගාර බැඳුම්කර මෙහිදී නිකුත් කරන බව මහ බැංකුව කියයි.
මෙම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සඳහා වූ ගෙවීම් කටයුතු දෙසැම්බර් 02 සිදුකරණ බවද මහ බැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.