Home අද පසුගිය වසර දෙක තුළදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 5 විදේශ ණය ආපසු...

පසුගිය වසර දෙක තුළදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 5 විදේශ ණය ආපසු ගෙවයි

2266
0

පසුගිය වසර දෙක තුළදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 5 විදේශ ණය ආපසු ගෙවා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර තිබේ. මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදයන් ට්විටටර් සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශයට පත්කරමින් විදෙස් අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව බහු පාර්ශවික ආයතනවලය විදෙස් ණය ඩොලර් බිලියන 05 ක් ගෙවා ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇතිවී ඇත්තේ බාහිර ණය ගෙවීම් සිදු නොකරන බැවින් යැයි විපක්ෂය මතුකරන චෝදනා අසත්‍ය බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

2022 වසරේ ශ්‍රී ලංකාව ණය ස්ථාවරත්වය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුවද මේ දක්වා බහු පාර්ශවික ණය අඛණ්ඩව ගෙවීම් කර ඇති බවද එම නිවේදයේ සඳහන්ය.

ද්විපාර්ශවීය ණය සහ ස්වෛරී ණය ගෙවීම පමණක් ප්‍රතිව්‍යුහගත කර ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.

ඒ අනුව ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 5 විදේශ ණය ආපසු ගෙවා ඇත්තේ මෙසේය

Image

Image

 

 

 

Previous articleජාතිය අනතුරේ..! අම්පිටියේ සුමනරතන හිමිගේ සහයත් අනුර දිසානායකට
Next articleපාර්ලිමේන්තුව විසුරවන්නේ අයවැය සම්මත කිරීමෙන් පසුවයි – ඇමති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here