Home අද රටේ ප්‍රගතිය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

රටේ ප්‍රගතිය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

1462
0

රටේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ළඟා කරගැනීමට මේ වන විට හැකි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ගෝලීය වශයෙන් ද පිළිගැනීමට ලක්ව ඇති බවය.

රට ස්ථාවරත්වයට පත්කර ගැනීමේ සැබෑ වීරයන් ශ්‍රී ලාංකේය ජනතාව බව ද සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

අස්වැසුම හරහා මිලියන 2.4ක ජනතාවක් නඟාසිටුවීමට කටයුතු කරමින් සිටින අතර උරුමය හරහා මිලියන 2කට ඉඩම් ලබාදීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

අඩු අදායම්ලාභී පවුල් 50,000කට නිවාස ලබාදීමට මෙන්ම විශ්‍රාම වැටුප් වැඩී කිරීම ඇතුළු අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම ඉලක්ක කරගත් වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Previous articleශ්‍රී ලංකාවේ වත්මන් තත්වය ඇමරිකාව ලෝකයටම කියයි
Next articleජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමු වරට පාසල් සිසුන්ට කැබිනට් මණ්ඩලය විවෘත කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here