Home අද අපි ළඟ සදාකාලික උත්තර නෑ – ඒ මොහොතට, අවශ්‍යතාවයට වැඩකරනවා – ඇමති...

අපි ළඟ සදාකාලික උත්තර නෑ – ඒ මොහොතට, අවශ්‍යතාවයට වැඩකරනවා – ඇමති ලාල් කාන්ත

120
0

සදාකාලික උත්තර වත්මන් ආණ්ඩුව සතුව නොමැති බවත් ඒ මොහොතට අවශ්‍යතාවට අනුව වැඩකටයුතු සිදුකරන බව අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත පවසනවා.

සහල් හිඟය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මේ වනවිට රටතුල පවතින සහල් හිඟය හේතුවෙන් අනිවාර්යයෙන් ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට කටයුතු කරන බවත් එහි පළමු අදියර ලෙස සහල් මෙට්‍රික් ටොන් 70,000ක ප්‍රමාණයක් ගෙන්වීම සඳහා තම අමාත්‍යාංශයත් වෙළඳ අමාත්‍යාංශයත් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් යොමුකරන බවද අමාත්‍යවරයා කියා සිටියා.

රටට අවශ්‍ය ප්‍රමාණයට සහල් රට තුළ නිෂ්පාදනය වී තිබුනත් ඒවා වෙළඳපොළට නොපැමිණීම හේතුවෙන් සහල් ආනයනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

වෙළඳපොළට පැමිණ නැති සහල් තොග මහා පරිමාණ වී මෝල් හිමියන් සතුව හැර වෙන තැනක තිබෙන්නට නොහැකි බව පෙන්වා දෙන අමාත්‍යවරයා ගොවීන්ට සහ පාරිභෝගිකයින්ට අවාසියක් නොවන පරිදි වත්මන් රජය වැඩකටයුතු කරන බව කියා සිටියා.

Previous articleමන්ත්‍රීවරුන්ට දෙන්නේ තෙල් හොඳට වැඩකරන වාහනයක් – ඇමති ආනන්ද විජේපාල
Next articleහරීන් චෝදනා ප්‍රතික්ෂේප කරයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here