Site icon Newshub

රටේ ප්‍රගතිය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

රටේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය ළඟා කරගැනීමට මේ වන විට හැකි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ගෝලීය වශයෙන් ද පිළිගැනීමට ලක්ව ඇති බවය.

රට ස්ථාවරත්වයට පත්කර ගැනීමේ සැබෑ වීරයන් ශ්‍රී ලාංකේය ජනතාව බව ද සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

අස්වැසුම හරහා මිලියන 2.4ක ජනතාවක් නඟාසිටුවීමට කටයුතු කරමින් සිටින අතර උරුමය හරහා මිලියන 2කට ඉඩම් ලබාදීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

අඩු අදායම්ලාභී පවුල් 50,000කට නිවාස ලබාදීමට මෙන්ම විශ්‍රාම වැටුප් වැඩී කිරීම ඇතුළු අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම ඉලක්ක කරගත් වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Exit mobile version