Home අද ජනපති ජර්මානු චාන්සලර් හමුවේ

ජනපති ජර්මානු චාන්සලර් හමුවේ

2853
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz) මහතා අතර නිල හමුව   බර්ලින් නුවරදී සිදුවීම ඇත  . එසේම “බර්ලින් ග්ලෝබල්” සමුළුවට සමගාමීව ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz) මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති “බහු ධ්‍රැවීය ලෝකය තුළ සහයෝගීතාවය වැඩි දියුණු කිරීම” පිළිබඳ රාජ්‍ය නායක සංවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

 

Previous articleජනාධිපතිකම් එපා – විපක්ෂයේ සිට ආණ්ඩුවට උදව් කරනවා
Next articleරට සවාරියක් යන්න හැදු නිලධාරීන්ට ජනාධිපති කාර්‍යාලයෙන් රතු එළියක්.!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here