Home අද ජනාධිපතිකම් එපා – විපක්ෂයේ සිට ආණ්ඩුවට උදව් කරනවා

ජනාධිපතිකම් එපා – විපක්ෂයේ සිට ආණ්ඩුවට උදව් කරනවා

2584
0

රජයට උදව් කිරීමට තමාට ජනාධිපති අගමැති ඇමති තනතුරු අවශ්‍ය නොවන බවත් විපක්ෂයේ සිට උදව් කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොටදී පැවසීය.

“රට දැය වෙනුවෙන් සේවයක් කිරීමට අපි ආණ්ඩුවට උදව් දෙන්නේ විපක්ෂයේ හිදිමිනුයි. ඇමති රාජ්‍ය ඇමති නියෝජ්‍ය ඇමති අගමති ජනාධිපති තනතුරු සූදුවේ නැහැ. මේ තනතුරු සුදුවෙන් අපේරට මුදවන්න ඔනේ . අපේ රට මිදෙන්න ඔනේ” යනුවෙන් හෙතෙම පැවසීය.

අලුතින්ම ජනාධිපති වීමට දඟලන පුද්ගලයෙකු තමා ආණ්ඩුව සමඟ එක්වීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ සන්ධානගතවීමට යන බව ප්‍රකාශ කර ඇති බවත් එය අසත්‍ය බවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රකාශ කළේය. රන්මිනිතැන්න පාසලේ උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේබව පැවසීය.

Previous articleරනිල් ජාත්‍යන්තරයට හොඳට ෆේස් කරනවා – කැලණි විහාරයේ නායක හාමුදුරුවෝ කියයි
Next articleජනපති ජර්මානු චාන්සලර් හමුවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here