Home අද රනිල් ජාත්‍යන්තරයට හොඳට ෆේස් කරනවා – කැලණි විහාරයේ නායක හාමුදුරුවෝ කියයි

රනිල් ජාත්‍යන්තරයට හොඳට ෆේස් කරනවා – කැලණි විහාරයේ නායක හාමුදුරුවෝ කියයි

3314
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තරය තුළ ඉතා හොදින් කටයුතු කරන බව කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ  සංඝරක්ඛිත නායක හිමියෝ පැවසුහ.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද(29දා) කැලණිය රජමහා විහාරයේ ආගමික වතාවත්වලට ඒක්වී කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ  සංඝරක්ඛිත නායක හිමියන් බැහැදැක සුහද පිළිසඳරක නිතරවු අතර ඒ අවස්ථාවේදී උන්වහන්සේ මේබව පැවසුහ.

“රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් සම්පුර්ණයෙන්ම වෙනස්වෙලා. ජාත්‍යන්තරයට ගියාම හොදට ෆේස්කරනවා.  IMF (ජාත්‍යන්තර මුල්‍ය අරමුදලටත්) බැන්නා. ජාත්‍යන්තරයට ගැලපෙන්න හොදට කතාකරනවා. එයාට ඒක හොදට පුළුවන්” යැයි උන්වහන්සේ පැවසු අතර මහින්ද රාජපක්ෂ මහතා ද එය අනුමත කළේය.

 

Previous articleචීනය සාගරය හරහා දිවෙන පළමු දුම්රිය දියත් කරයි
Next articleජනාධිපතිකම් එපා – විපක්ෂයේ සිට ආණ්ඩුවට උදව් කරනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here