Home අද රට සවාරියක් යන්න හැදු නිලධාරීන්ට ජනාධිපති කාර්‍යාලයෙන් රතු එළියක්.!

රට සවාරියක් යන්න හැදු නිලධාරීන්ට ජනාධිපති කාර්‍යාලයෙන් රතු එළියක්.!

2492
0

මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් මොරොක්කෝවේ Marrakesh නුවර පැවැත්වීමට නියමිත ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව සඳහා සහභාගී වීමට කල ඉල්ලීම ජනාධිපති කාර්‍යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම සංචාරය සඳහා රුපියල් මිලියන 1.4 (ලක්ෂ 14ක්) වැය කිරීමට සැලසුම් කර තිබී ඇත. රජයේ නිලධාරීන්ගේ අත්‍යාවශ්‍ය නොවන විදේශ සංචාර සියල්ල මේ වනවිට ජනාධිපති කාර්‍යාලය විසින් අත්හිටුවා ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල විදේශ සංචාර සඳහා සහභාගී වන්නේද අත්‍යාවශ්‍යම රාජ්‍ය නිලධාරීන් පමණි.

Previous articleජනපති ජර්මානු චාන්සලර් හමුවේ
Next articleලංකාවේ ආදායම් රැස් කරන දෙපාර්මේන්තු වල දුෂණය මුල් බැහැලා – IMF

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here