Home අද සිසුවියන්ගේ ආදරයට ගෙදරින් බාධා – දෙදෙනා ගත් තීරණයෙන් සිසුවියක් මරුට

සිසුවියන්ගේ ආදරයට ගෙදරින් බාධා – දෙදෙනා ගත් තීරණයෙන් සිසුවියක් මරුට

53
0

ප්‍රේම සම්බන්ධයට දෙමාපියන්ගේ අකමැත්ත පළවීම හේතුවෙන් මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියන් දෙදෙනෙකු වික්ටෝරියා ජලාශයට පැන එක් සිසුවියක් මිය ගොස් ඇත.

තමා ළඟින්ම ඇසුරු කළ හොඳම මිතුරිය සමඟ ඊයේ දහවල් වික්ටෝරියා ජලාශය අසලට පැමිණි මියගිය පාසල් සිසු විය එම ස්ථානයේ දිගු වේලාවක් රැඳී සිට දෙදෙනා අතින් අල්ලාගෙන ජලාශයට පැන තිබේ.

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ තෙල්දෙණිය පූඩලූ උයන ප්‍රදේශයේ පදිංචි දාහත් හැවිරිදි පාසල් සිසුවියකි.

ඇය සමඟ ජලාශයට පැන දිවි බේරා ගත් සිසුවිය මේ වන විට තෙල්දෙණිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇය දැඩි කම්පන තත්ත්වයෙන් පසුවන බව එම රෝහලේ වෛද්‍යවරයෙක් පැවසීය.

මියගිය සිසුවිය කලක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙන අතර නිවැසියන් ඊට දැඩි ලෙස විරෝධය පළ කර තිබේ.

තම කුළුඳුල් ප්‍රේමයට විරෝධය පළ වීම නිසා ජීවිතය එපා වූ පාසල් සිසුවිය සියදිවි හානි කර ගන්නා බවට ඇය විසින් ලියන ලද ලිපියක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

Previous articleඉන්දියාව සමඟත් මගේ වැඩපිළිවෙළම ඉදිරියට ගෙනියන්න : රනිල්ගෙන් අනුරට උපදෙස් !
Next articleපාරිභෝගිකයන් අපහසුතාවයට පත් නොකර ගෑස් දෙන්න – ජනපති ලාෆ් ගෑස් සමාගමට කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here