Home අද කැබිනට් මණ්ඩලයට සුදුසු එකම මුස්ලිම් ජාතිකයෙක්වත් ආණ්ඩුවේ නැද්ද? – ඇමති විජිතට ප්‍රශ්නයක්

කැබිනට් මණ්ඩලයට සුදුසු එකම මුස්ලිම් ජාතිකයෙක්වත් ආණ්ඩුවේ නැද්ද? – ඇමති විජිතට ප්‍රශ්නයක්

249
0

වත්මන් ආණ්ඩුවේ ඇමති මණ්ඩලය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් සම්පූර්ණ කළ එකම මුස්ලිම් ජාතිකයෙක්වත් සොයා ගත නොහැකි වුණේ දැයි කැබිනට් අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් මුස්ලිම් ජාතිකයන් ඊයේ 23 වැනිදා ප්‍රශ්නකර සිටියේය.

අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දරන වත්මන් ඇමති මණ්ඩලයට එකම මුස්ලිම් නියෝජනයක් වත් නොතිබීම ඔවුන්ට ගැටලුවක් බව ඔවුන් පෙන්වා දුන්නේ තවත් ප්‍රශ්න කිහිපයක් ඇමතිවරයා වෙත යොමු කරමින්ය.

අකුරණ ජමෙයිතුල් උලමා මධ්‍යස්ථානයේ දී අකුරණ මුස්ලිම් ජනතාව ඇමැතිවරයා හමුවූ අවස්ථාවේ මෙම ප්‍රශ්නය යොමු කළ අතර ඇමතිවරයා එම ප්‍රශ්නය සෘජුවම ප්‍රතික්ෂේප කළේය .

2004 වසරේ මුස්ලිම් දරුවන්ට හිජාබ් රෙදි කැබැල්ල ලබා දිය යුතු බවට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේද තමන් බව එහිදී ඇමැතිවරයා ඔවුන්ට පෙන්වා දුන්නේය

මෙවර මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට අම්පාරෙන් එකම මුස්ලිම් මන්ත්‍රී ධූරයක්වත් නොලැබූ අවස්ථාවේදී ආදම්බාවා මහතා මන්ත්‍රීවරයෙකු ලෙස ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට කටයුතු කළ බව විජිත හේරත් ඇමතිවරයා මෙහිදී සිහිපත් කළේය.

එවන් පසුබිමක කැබිනට් මණ්ඩලයට මුස්ලිම් කෙනෙකු පත් කළ යුතු බව අනිවාර්ය එකක්යැයි නොසිතන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී ඇමතිවරයා සහ මුස්ලිම් ජාතිකයන් අතර කෙටි සංවාදයක් ඇති විය.

ප්‍රශ්නය…
සර් හිතන්නේ කැබිනට් මණ්ඩලයට පත් කර ගන්න සුදුසුකම් සම්පූර්ණ කළ මුස්ලිම් අය කවුරුත් හිටියේ නැහැ කියලද ….?

ඇමතිවරයා
අප වැඩ කරන විදිහ මේක තමයි ඔයා ඔය විදිහට හිතන්න එපා..

ප්‍රශ්නය
අපි ඉල්ලා සිටින්නේ මුස්ලිම් ජාතික ඇමති කෙනෙක් කැබිනට් මණ්ඩලයේ සිටිය යුතු බවයි.

ඇමතිවරයා
ඔබට ඔබේ යෝජනාව ඉදිරිපත් කළ හැකියි. නමුත් ජාතිවාදය හෝ ආගම්වාදය අපි ළඟ නැහැ. අපි සියලු ජාතීන් හා ආගමිකයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරනවා. ඒ ගැන කිසිදු බියක් තබාගත යුතු නැහැ.

Previous articleසජබට නායකත්ව මණ්ඩලයක් : විපක්ෂනායක ධූරය හර්ෂට ?
Next articleඉන්දියාව සමඟත් මගේ වැඩපිළිවෙළම ඉදිරියට ගෙනියන්න : රනිල්ගෙන් අනුරට උපදෙස් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here