Home අද රුපියල උඩ යද්දී, ඩොලරය 300නුත් පහළට

රුපියල උඩ යද්දී, ඩොලරය 300නුත් පහළට

6362
0

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම දත්ත අනුව අමෙරිකානූ ඩොලරයේ ගැනුම් මිල දිගු කලකට පසු රුපියල් 300ට වඩා අඩුවී තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සඳහන් වන්නේ රුපියල් 299.21ක් ලෙසටය.එසේම ඩොලරයේ විකිනුම් මිල සඳහන් වන්නේ රුපියල් 312.37ක් ලෙසටය.

මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.59ක් වන අතර විකුණුම් මිල රු. 313.52ක් ලෙස දැක්වුනා.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 296.92ක් වන අතර විකුණුම් මිල රු. 310ක් ලෙසයි දැක්වුනේ.

සම්පත් බැංකුව විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 300ක් ලෙසත් විකුණුම් මිල රු. 312ක් ලෙසත් දක්වා තිබුණා.

Previous articleඖෂධ මිල අඩු කරන්න යයි
Next articleවීසා නැතිව ලංකාවට එන්න ඉන්දීය සංචාරකයින්ට අවස්ථාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here