Home අද ඖෂධ මිල අඩු කරන්න යයි

ඖෂධ මිල අඩු කරන්න යයි

722
0

ඖෂධ මිල ඉදිරි සතියේදී 10-15 % ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව  සෞඛ්‍ය අමාත්‍ය, ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඩොලරයේ අගය අඩු වීමට සාපේක්ෂව මෙලෙස ඖෂධ මිල අඩු කිරීමට පියවර ගැනෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඖෂධ මිල අඩු කළ හැකි ප්‍රමාණය සම්බන්ධව මුදල් අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගණාකාධිකාරි අංශය සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද ඒ මහතා කීය.

ජත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන්  අද (17) පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ දී පැවැති ජාතික උත්සවයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.

ඩොලරයේ මිල ඉහළ යෑමත් සමඟ ඖෂධ මිල සැලැකිය යුතු අගයකින් ඉහළ ගිය බවත්, ඩොලරයේ අගය පහත වැටීමේ වාසිය ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සෑම විටම උත්සහ කරන බවත්, හෙතෙම අවධාරණය කළේය.

ඖෂධ අළෙවි කිරීම සඳහා ගබඩා කර තැබෙන වෙළෙඳ සැල් අනිවාර්යයෙන්ම වායු සමීකරණය කර තිබිය යුතු බවත්, මේ නිසා ඉතා ඉහළ විදුලි බිලක් තමන්ට දැරීමට සිදුවන බවට ඖෂධ අළෙවිකරුවෝ පෙන්වා දෙන බව පැවසූ ඇමැතිවරයා ඖෂධ මිල අඩු කිරීමේ දී මෙම කාරුණු සම්බන්ධව ද අවධානය යොමු කළ යුතුව තිබෙන බවද අවධාරණය කළේය.  රජයේ රෝහල් වල පෞද්ගලික වාට්ටු ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බවත්, ඒ දෙස ධනාත්මකව බලා අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු වෙනුවට ඇතැම් පිරිස් දේශපාලන හා වෙනත් උවමනාවන් මත සිට පදනම් විරහිත විවේචන ඉදිරිපත් කරන බවත් රඹුක්වැල්ල මහතා කීය.

Previous articleරටට මොකක්ද වුණේ කියලා තරුණ පරපුර ප්‍රශ්න කිරීම සාධාරණයි – ජනපති
Next articleරුපියල උඩ යද්දී, ඩොලරය 300නුත් පහළට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here