Home අද වීසා නැතිව ලංකාවට එන්න ඉන්දීය සංචාරකයින්ට අවස්ථාව

වීසා නැතිව ලංකාවට එන්න ඉන්දීය සංචාරකයින්ට අවස්ථාව

16961
0

ඉන්දීය සංචාරකයින් සඳහා වීසා ගාස්තු අයකිරීමකින් තොරව ලංකාවට පැමිණීමට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ සඳහා වන යෝජනාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන බවත් රටතුළට සංචාරකයින් වැඩිවශයෙන් ගෙන්වා ගැනීමට ඒමගින් හැකියාව ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන්දීය සංචාරක ඒජන්තවරුන්ගේ වාර්ෂික මහා සභාව මෙවර ජුලි 06-09 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අතර ඒ බව දැනුම්දීම සඳහා පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා මේබව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ අඩුවක් පෙන්වන මැයි ජුනි ජුලි අගෝස්තු මාස වලදී සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සඳහා කළ යුතු වෙනස්කම් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Previous articleරුපියල උඩ යද්දී, ඩොලරය 300නුත් පහළට
Next articleසජිත් ඇයි ජෙරම් ප්‍රනාන්දු ගැන කතා නොකරන්නේ.?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here