Home අද මෙරට ගෘහ සේවිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ ක්‍රමවේදයක්

මෙරට ගෘහ සේවිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ ක්‍රමවේදයක්

704
0

රට තුළ සේවයේ යෙදෙන ගෘහ සේවිකාවන්ගේ සේවා තත්වයන් සහ ආරක්ෂාව තහවුරු කිරීම සදහා විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා තීරණය කර තිබේ.

ඒ සදහා වන වැඩසහටනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.

මේ වන විට ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා ක්‍රමවේදයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ක්‍රියාත්මක කරන නමුත් දේශීය වශයෙන් ගෘහ සේවයේ යෙදෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා නිශ්චිත ක්‍රමවේදයක් නොමැතිවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය අවධානය යොමු කළේය.

Previous articleවිදුලියට බෝනස් දෙන්නෙත් නෑ – බිල වැඩි කරන්න දෙන්නෙත් නෑ
Next articleඅය වැය ඡන්දය අදයි – පක්ෂ විපක්ෂ කියන කතා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here