මාර්තු මස 03 වැනිදා සිට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ පළාත් පාලන අපේක්ෂකයින් 13 දෙනෙක්, පාක්ෂිකයන් 42 දෙදෙනෙක් සහ වාහන 11 පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
පළාත් පාලන මැතිවරණයට අදාල පැමිණිලි දිනෙන් දින ඉහළ යෑමේ තත්ත්වයක් ඇතිවී තිබෙන බව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සඳහන් කරයි.
පසුගිය මස 03 වැනිදා සිට මේ දක්වා පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිලි සංඛ්‍යාව 99 බවත් ඒවායෙන් බොහෝමයක් මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බවත් පොලිසියේ ඉහළ නිලධාරියෙක් පැවසීය.