කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ කටයුතු ඊයේ (08) දහවල් සිට මුළුමනින්ම ඇණ හිට ඇත.
හදිස්සි අනතුරු ඒකකයට තිබූ විකිරණ යන්තර දෙක ක්‍රියා විරහිත වීම හේතුවෙන් විකරණ පරීක්ෂණ කටයුතු ඇණ හිට තිබේ.
ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට විකිරණ යන්ත්‍ර දෙකක් පැවතියද ඉන් එකක් මීට පෙර අක්‍රිය වූ බවත් අනෙක් යන්ත්‍රය ඊයේ දහවල් වන විට ක්‍රියා විරහිත වූ බවත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය.
මෙලෙස ක්‍රියා විරහිත වී ඇති යන්ත්‍ර දෙක වසර විස්සකට වඩා පැරණි යන්ත්‍ර බව ඒ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය