ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60 ක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ තීරු බදු අද ( 09) සිට ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවට 44% ක තීරු බදු පැනවීම සම්බන්ධව සාකච්ඡා කර සහනයක් ලබා ගැනීම සඳහා රජයේ නියෝජිත පිරිසක් මේ වන විට ඇමෙරිකාව බලා පිටත් ගොස් තිබේ.
මේ අතර චීනයට පැනවූ තීරු බදු 104% දක්වා ඉහල දමන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (08) රාත්‍රියේ ධවල මන්දිරයේදී ප්‍රකාශ කරකර ඇත.
ඖෂධ සඳහා තීරු බදු පනවන්නේ නැති බව ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කළ ද පසුව එම තීරණය වෙනස් කරමින් ඖෂධ සඳහාද තීරු බදු පනවන බව ඔහු ප්‍රකාශ කර තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා අසාධාරණ ලෙස තීරු බදු පැනවීමට එරෙහිව ඇමෙරිකාව තුළ මෙන්ම ලෝකයේ බොහෝ රටවල මේ වන විට විරෝධතා මතුව ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2016 ජනාධිපතිවරණයේදී යළි භාවිත කළ “Make America Great Again” (MAGA) සටන් පාටය ක්‍රියාත්මක වෙමින්, ඇමෙරිකාව කලින් තිබුණු ගරුත්වය , ආර්ථික ශක්තිය , දේශපාලන බලය හා සමාජ මූලධර්ම නැවත ගොඩ නැගීමේ ප්‍රතිපත්ති මාලාවක්.
එහි එන මූලිකම කාරනයක් වන ආර්ථික ජාතිකවාදය (Economic Nationalism) යටතේ,
* තීරු බදු (Tariffs) මගින් විදේශීය නිෂ්පාදන වලට බාධා.
* ඇමෙරිකාවේම නිෂ්පාදනයට සහය. (“Buy American, Hire American”).
එහිදි ජනපති ට්‍රම්ප් පවසන්නේ ඇමරිකාව ඉතිහාසයේ විශිෂ්ට වූ යුගයකට ආපසු ගෙන යාම සඳහා වූ උත්සාහයක් බවයි. ගෝලීයතාවය හා නව ආර්ථික ක්‍රමවේද මත ඇමරිකානු ජනතාව විශාල පීඩා විඳින අතර, ඒ සඳහා විසඳුමක් ලෙස ජාතිකවාදය, ආරක්ෂාව, ආර්ථික ස්වයංපූර්ණභාවය සහ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකිරීම යන කරුණු මූලික කරගන්නා බවයි.