Home අද ඇමරිකන් බද්ද ඇඟලුම් කම්හල් සේවකයන්ගේ අවුරුදු බෝනස් එකට තට්ටු කරයි

ඇමරිකන් බද්ද ඇඟලුම් කම්හල් සේවකයන්ගේ අවුරුදු බෝනස් එකට තට්ටු කරයි

161
0

ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ තීරු බදු නිසා මෙරට ඇඟලුම් කම්හල් විශාල සංඛ්‍යාවක හිමිකරුවන් මෙවර ප්‍රසාද දීමනා (බෝනස්) ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත.

මේ නිසා ගාල්ල වැලිගම ඇතුළු රටේ විවිධ ප්‍රදේශවල ඇඟලුම් කම්හල් රැසක සේවකයින් ඊට විරෝධය පළ කර ඇත.

පනවන ලද තීරු බදු අද සිට ක්‍රියාත්මක වුවද පසුගිය කාලය පුරාවට කළ සේවය වෙනුවෙන් ප්‍රසාද දීමනා ලබාදිය යුතු බව සේවකයෝ ප්‍රකාශ කරති.

උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය මත ඇඟලුම් කම්මහල් හිමිකරුවන් ප්‍රසාද දීමනා ලබාදීම ප්‍රතික්ෂේපකිරීමත් කෙසේ හෝ තමන්ට ප්‍රසාද දීමනා ලබාදිය යුතු බව සේවකයෝ ප්‍රකාශ කිරීමත් නිසා රටේ බොහෝ ප්‍රදේශවල ඇඟලුම් කම්මහල්වල මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත

Previous articleකොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ ඇණ හිටී
Next articleමැතිවරණ නීති උල්ලංඝනය කළ 13ක් ඇතුළු 55ක් අත්අඩංගුවට; පැමිණිලි 99ක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here