Home අද ලංකාවේ ගෙවල් හයක් ඩොලර් වලට විකිණෙයි

ලංකාවේ ගෙවල් හයක් ඩොලර් වලට විකිණෙයි

723
0

නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඩොලර්වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට නිවාස 6ක් අළෙවි වී ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.

ඩුබායි, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා කටාර් රාජ්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් මෙම නිවාස මිලදීගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරනවා.

මෙම මිලදී ගැනීම වෙනුවෙන් පසුගිය මාස දෙකක කාලයේදී ඇමරිකා ඩොලර් 276,650.00 ක මුදලක් නාගරික සංවර්ධන අධිකාරියේ විදේශීය මුදල් ගිණුමට ලැබී ඇති බවද අමාත්‍යවරයා කියා සිටියා.

පන්නිපිටිය, වීරමාවතේ පිහිටි වියත්පුර නිවාස සංකීර්ණයෙන් මෙම නිවාස අළෙවි වී ඇති අතර නියමිත ඩොලර් වටිනාකම එකවර ගෙවූ බැවින් ඔවුන්ට සියයට 10ක වට්ටම් දීමනාවක් හිමිව තිබෙනවා.

Previous articleපරිවාස සහ ළමාරක්ෂක ක්ෂේත්‍රයේ ගැටලු සොයාබැලීමට  ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි
Next articleඋසස් පෙළ සිසුන්ට ජනපති අරමුදලෙන් ශිෂ්‍යත්ව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here