Home අද අසත්‍ය ඡායාරූපයක්

අසත්‍ය ඡායාරූපයක්

786
0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටකර සැලකිය යුතු උසකින් යුත් කම්බිරෝල් දමා ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය අසත්‍ය ඡායාරූපයක් බව සත්‍ය තොරතුරු විමර්ශන වෙඩ් අඩවි සඳහන් කර තිබේ.

එම ඡායාරූපය, මියන්මාරයේ වැසියන් අතර සමාජ මාධ්‍ය ජාල වල පසුගිය අප්‍රේල් මස සිට සංසරණය වී තිබූ ඡායාරූපයක් බවද එම වෙඩ් අවඩි සඳහන් කර ඇති .

ඒ අනුව ජනාධිපතිවරයාගේ නිවස බව සඳහන් කරමින් සංසරණය වන එය අසත්‍ය ඡායාරූපයක් බවද ඔවුන් තහවුරු කරයි.

එම ඡායාරූපයේ දැක්වෙන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසේ හෝ ජනපති නිල නිවසේ ඡායාරූපයක් නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය ද, පවසා සිටියේය.

Previous articleමහින්දානන්ද රනිල්ගේ ගුණ වයයි
Next articleව්‍යාපාරික අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීමට විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here