Home අද කොළඹ කොටුවේ සහ ගාලු මුවදොර විරෝධතා බෑ – පෙරටුගාමීන්ට සහ අන්තරේට වාරණයක්

කොළඹ කොටුවේ සහ ගාලු මුවදොර විරෝධතා බෑ – පෙරටුගාමීන්ට සහ අන්තරේට වාරණයක්

42
0

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තබන ගිවිසුම් කිහිපයකට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ඇතුළු තවත් සංවිධාන කිහිපයක් ඒකාබද්ධව කොළඹ කොටුවේ සහ ගාලු මුවදොර ඉදිරිපිට අද (5) පැවැත්වීමට සැලසුම්කර තිබූ විරෝධතාව තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කරඇත.

කොළඹ කොටුව සහ ගාලුමුවදොර ප්‍රදේශ වලදී අද දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් එම උද්ඝෝෂණ පැවැත්වුවහොත් මහජන සාමය කඩවනු ඇති බවට කරුණු දක්වමින් කොටුව පොලිස් ස්ථාන අධිපතිවරයා විසින් කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගෙන අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

අධිකරණ නියෝගය මඟින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේකැඳවුම්කරු. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සහ හිටපු කැඳවුම්කරු ඇතුළු 07 දෙනෙකුට කොටුව සහ ගාලු මුවදොර ප්‍රදේශ වලට ඇතුල්වීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත

Previous articleඉන්දු- ලංකා සබඳතා – රනිල් දුටු සිහිනය අනුර සැබෑ කරයි : මෝදිට” ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ” ගෞරව නාමයත් දෙයි !
Next articleමෝදි සමඟ අත්සන් කළ ගිවිසුම් වලට එරෙහිව පෙරටුගාමීන් කොටුව හොල්ලයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here