Home අද මර්වින් සිල්වාත් අප්‍රේල් 03 දක්වා තවදුරටත් රිමාන්ඩ් !

මර්වින් සිල්වාත් අප්‍රේල් 03 දක්වා තවදුරටත් රිමාන්ඩ් !

57
0

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 03 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියෝග කර තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධිය සම්බන්ධ චෝදනා මත හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාර්තු 05 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. එහිදී හිටපු අමාත්‍යවරයාට අමතරව තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් අද මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මෙලෙස නියෝග කර ඇත.

Previous articleගම්මන්පිල නිදොස්කොට නිදහස් !
Next articleඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තනතුරට ජයන්ත ජයසූරිය !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here