සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂක්වයට ආචාර්ය, වෛද්‍ය රුවේස් හනීෆා මහතා පත්කර තිබේ.
ඒ මහතාව පත්කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය පවසා සිටියේ, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන සැමගේ බලාපොරොත්තුව සුපිරි දියුණු නගරයක් නිර්මාණය කිරීම බවයි.
ඒ ගමන උදෙසා රුවේස් හනීෆා මහතාව ඉදිරිපත් කළ බවයි.
හනීෆා මහතා පොදුජනවාදී වෘත්තිකයකු බවත්, දක්ෂතාව නිපුණතාව හැකියාව කුසලතාව එඩිතරභාවය අධිෂ්ඨානශීලීත්වය ආදී සියලු ගුණාංගයන්ගෙන් ඔහු උගතෙක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.