Home අද චැම්පියන් කුසලානයෙන් සත්කාරක පකිස්තානය සහ බංග්ලාදේශය ඉවතට

චැම්පියන් කුසලානයෙන් සත්කාරක පකිස්තානය සහ බංග්ලාදේශය ඉවතට

11
0

මේ දිනවල පැවැත්වෙන චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම සත්කාරක පාකිස්තාන කණ්ඩායමට සහ බංග්ලාදේශ කණ්ඩාමට ඉවත් වීමට සිදුව තිබේ.

ඒ ඊයේ(24) බංග්ලාදේශය සමග පැවති තරගයේ කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වීමත් සමගයි.

තරගයෙ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 236ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 46යි එක් පන්දුවක් තුළ කඩුලු 5ක් පමණක් දැවී සිය ජයග්‍රහණය වාර්තා කළේය.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් රචින් රවීන්ද්‍රා ලකුණු 112ක් ලබා ගැනීමට සමත් විය.

මේ සමග පාකිස්තාන කණ්ඩායමට සහ බංග්ලාදේශ කණ්ඩායමට තවත් එක් තරගයක් ඉතිරිව තිබීයදීත් චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවිය.

මේ වනවිට A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව ඇති අතර, A කාණ්ඩයේ දෙවන ස්ථානයේ ඉන්දීය කණ්ඩායම රැඳී සිටී.

Previous articleඩොනල්ඩ් ට්‍රම්ප් හා ප්‍රංශ ජනාධිපති අතර හමුවක්
Next articleමාලිමාවේ අවසරය නැතුව ගමේ සංවර්ධන කටයුතු බෑ – ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපතිවරයෙකුට තර්ජන – පොලිසියට පැමිණිලි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here