නාඳුනන වෙඩික්කරුවෙකු විසින් අද (19) අලුත්කඩේ අධිකරණ ශාලාව තුළ සංජීව සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සැළවීමත් සමඟ එම ස්ථානයට පැමිණි මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මාධ්‍යවේදින් මඟහැර නික්ම ගියේය.
අධිකරණ පරිශ්‍රය වෙත ගිය මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා දුටු අදාළ සිදුවීම ආවරණය කරමින් සිටි මාධ්‍යවේදින් එහිදී ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේ අධිආරක්ෂිත ප්‍රදේශයක මෙවැන්නක් සිදුවීම ජාතික ආරක්ෂාවේ ගැටළුවක් නොවේද යන්නයි.
එසේම මීට පෙර මෙවැනි සිදුවීම් සිදුව තිබේද ඇතුළු ප්‍රශ්න කිහිපයක් මාධ්‍යවේදින් නැගූවත් ඒ කිසිවකට ප්‍රතිචාර නොදැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා තම මෝටර් රථය සොයමින් ඇමතුම් ගනිමින් සිටියේය.
ඒ අවස්ථාවේ ඔහු “බූරුවා.. කොහේද ඉන්නේ” යනුවෙන් දුරකථනය අතැතිව සඳහන් කළ අතර ඒ අවස්ථාව වාර්තා කළ අප වාර්තාකරු පැවසූ ආකාරයට එම පහත් ආමන්ත්‍රණය සිදුව තිබෙන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයා ගේ රියදුරු හටය.
ඝාතන සිදුවීමක් සිදුව තිබීමත්, මෙතෙක් ඊට අදාළ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන නොතිබීමත් හමුවේ එම පරිශ්‍රයේ මෝටර් රථ නැවැත්වීමට ඉඩනොදුන් බවද වාර්තාකරු පවසයි.
මඳ වේලාවකින් නියෝජ්‍ය අමාත්‍යවරයා ගේ මෝටර් රථය එම ස්ථානයට පැමිණි අතර අනතුරුව ඔහු එහි නැඟී පිටත්ව යන්නේද මාධ්‍යට කිසිඳු අදහසක් දැක්වීමෙන් තොරවය.
හැප්පිලා බලමුත් කිව්වා : අධිකරණ බිමේදීම ගනේමුල්ල සංජීව ඝාතනය කරයි ! (PHOTOS)
UPDATE : ගනේමුල්ල සංජීවගේ වෙඩික්කරුවා පැමිණියේ නීතිඥවරයෙකුගේ වෙස් අරන් – පොලිසිය කියන කතාව