Home අද නව රජයේ මංගල අයවැය අද

නව රජයේ මංගල අයවැය අද

49
0

මෙම වර්ෂය (2025) සඳහා රජයේ අයවැය ලේඛනය මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ( 17) පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ධූරයට පත්ව ඉදිරිපත් කරනු ලබන ප්‍රථම අයවැය ලේඛනය මෙය වන අතර මැතිවරණ සමයේ ජනතාවට ලබා දුන් පොරොන්දු මෙවර අයවැයෙන් ඉටු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු දල්වා බලා සිටී.

ඒ අනුව සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 7500 කින් වැඩි කිරීම ඇතුළු
ජනතාව බලාපොරොත්තුවෙන් සිටින සහන රැසක් අද ඉදිරිපත් කරන අයවැය ‍ලේඛනය මගින් හිමි වන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

අයවැය ලේඛනය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය හෙට (18 ) වැනිදා සිට පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තානාපතිවරුන් ප්‍රමුඛ ආරාධිත අමුත්තන්ට සහ මන්ත්‍රීවරුන්ට දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමටද පියවර ගෙන ඇත.

Previous articleහමුදා සාමාජිකයින්ගේ පාස්පෝට් එකතු කරයි
Next article“හරි හරි අපි වෙලාවක බලමු” – මහින්ද ගිය ආරාමයේ දොර වැහුන මහින්ද කියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here