සහල් ආනයනය කිරීම සඳහා පුද්ගලික අංශයේ ආනයනකරුවන්ට ලබා දී තිබූ කාලය හෙට (10 ) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
පසුගිය කාලය තුළ රටේ පැවති උග්‍ර සහල් හිඟයට විසඳුමක් ලෙස පසුගිය හතරවෙනිදා සිට පුද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට අවසර ලබා දීතිබිණි.
සහල් ආනයනය කිරීමට ලබා දුන් කාලසීමාව තුළ ආනයනකරුවන් විසින් සහල් මෙට්‍රික්ටොන් 115000 ක් මෙරටට ආනයනය කර තිබෙන අතර තවමත් වෙළඳපොලේ රතු හා සුදු කැකුළු සහල් හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති.
කෙසේ නමුත් සහල් ආනයනය කිරීම සඳහා පුද්ගලික අංශයට ලබා දී ඇති කාලය නැවත දීර්ඝ නොකරන බව වෙළඳ අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කොට තිබිණි.