බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේය.
ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවේ විත්තිකරු ලෙස නම්කර සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි අද (19) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය ලබා දී ඇත.
ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවා දායක හිමියන් අසනීප තත්ත්වයෙන් පසුවන නිසා අධිකරණය හමුවට පැමිණීමට නොහැකි වූ බවයි.
නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ කරුණු කෙරෙහි අවධානය යොමු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සනත් අමරසේන මහතා නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජනවාරි මස 9 වැනි දින තෙක් කල් තබනු ලැබීය.