ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් සෙවීමට විපක්ෂය උත්සාහ කරනුයේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ සොරකම් ගැන සෙවීමට නොහැකි නිසා බව අගමැතිනි හරිනි අමරසූරිය පැවසුවාය .
මීට පෙර පැවති ආණ්ඩුවල මැති ඇමතිවරුන්ගේ සොයනු ලැබුවේ දූෂණ හා වංචා බවද අගමැතිවරිය සිහිපත් කළාය .
අගමැති හරිනි අමරසූරිය මේ බව සඳහන් කර සිටියේ අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි .
එහිදී ඇය වැඩිදුරටත් මෙසේද පැවසුවාය .
“අපේ ආණ්ඩුව ඇතුලේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ කොලෆිකේෂන් ගැන පුදුම උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. මෙතන ඉන්න අපි බොහෝ දෙනෙක්ගේ කොලෆිකේෂන් ගැන හොයනවා, සෙටිෆිකේට්ස් ඉල්ලනවා. අරක ඉල්ලනනවා… මේක ඉල්ලනවා.
පුදුම උනන්දුවක් දක්වනවා. අපි එක අතකින් සතුටු වෙනවා ඉස්සර මේ අමාත්‍යවරුන්, ආණ්ඩු අයගේ අයගේ අධ්‍යාපන සුදුසුකම් ගැන නෙමේනේ හෙව්වේ. හොරකම් ගැන හෙව්වේ. අපේ හොරකම් ගැන හොයන්න බැහැනේ ඉතිං ඒ නිසා අධ්‍යාපන සුදුසුකම් ගැන මෙච්චර උනන්දුවක් දක්වන එක ගැන මේක ටිකක් දියුණුවක් කියලා ගන්නත් පුළුවන්.”