Home අද ජපානයේ ඔනොමිචි සමාගම කොළඹ ඩොක්යාඩ් හැර යයි !

ජපානයේ ඔනොමිචි සමාගම කොළඹ ඩොක්යාඩ් හැර යයි !

47
0

කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක කොටස් හිමිකාරත්වයක් ඇති ජපානයේ ‘ඔනොමිචි (Onomichi) ඩොක්යාඩ්’ සමාගම ඉන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඇතිව තිබෙන ආර්ථික අර්බුදය මත මෙම තීරණය ගත්බව එම සමාගම කොළඹ ඩොක්යාඩ් සමාගම වෙත දන්වා ඇති අතර මේ පිලිබදව සිය ප්‍රධාන කොටස් හිමියන්ටද දැනුම් දී තිබෙන බවද වාර්තා වෙයි.

ජපන් සමාගම මේ බව දැනුම්දීමෙන් පසු, කොළඹ ඩොක්යාඩ් සමාගමේ කොටසක මිල රු. 63.30කින්, එනම් 0.5% කින් ඉහළ ගොස් තිබෙන අතර මෙම තත්වය මත නව උපායමාර්ගික හවුල්කරුවෙකු සඳහා මූලික සාකච්ඡා කරමින් සිටින බව කොළඹ ඩොක්යාඩ් අධ්‍යක්‍ෂ මණ්ඩලය කොටස් හිමියන්ට දන්වා ඇති බවද වාර්තා වේ.

1991 වසරේ සිට ඔනොමිචි සමාගම, කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක් එනම් කොටස් මිලියන 36.65ක් හිමිකරගෙන තිබුණි.

Previous articleහිටපු ජනපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට
Next articleඅනිසි බියක් ඇති කර නොගන්න – ගුවන් අභ්‍යාසයක් අද 1.30 සිට 4.30 දක්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here