Home අද ඉදිරි පැය 24 අවධානයෙන් පසුවන්න – උතුරු නැගෙනහිර ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉදිරි පැය 24 අවධානයෙන් පසුවන්න – උතුරු නැගෙනහිර ජනතාවට විශේෂ දැනුම්දීමක්

142
0

ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එම පද්ධතිය තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බව එම දෙපාර්තමේන්තුව අද (16) උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වේ. පසුව එය එළඹෙන දින දෙක තුළදී, එය දිවයිනේ උතුරුට ආසන්නව තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බවත් මෙම පද්ධතිය සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව, විශේෂයෙන් දිවයිනේ නැගෙනහිර සහ උතුරු පළාත්වල වෙසෙන මහජනතාව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

මෙම තත්ත්වයත් සමඟ අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන්.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට අද (16) දිනයේ මිලි මීටර් 100ක පමණ තද වැසි ඇතිවි හැකි බවත් ඊට අමතරව බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Previous articleනව කථානයක ධුරයට වෛද්‍ය ජගත් වික්‍රමරත්න ?
Next articleආචාර්ය දැම්මා කියලා ඇමති හර්ෂණ CID යයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here