අප්‍රේල් 15 වැනිදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කරනු ඇතැයි බොහෝ දෙනකු බලාපොරොත්තුවෙන් සිටියද එදින නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට රජය තවම තීරණයක් ගෙන නැති බව රාජ්‍ය පරිපාලන ඇමැති ආචාර්ය චන්දන අබේරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් මේ බව අනාවරණය කළ චන්දන අබේරත්න මහතා තවදුරටත් කියා සිටියේ මේ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ චන්දන අබේරත්න මහතා මෙසේද පැවසීය.
“ඒ සතියේ සිකුරාදාත් නිවාඩු දිනයක් හැටියට ප්‍රකාශයට පත්වෙලා තිබෙනවා. මහා සිකුරාදා නිසා වැඩ කරන දවස් තුනයි තිබෙන්නේ. අපි තාම තීරණයක් අරගෙන නැහැ මේ දවස නිවාඩු දිනයක් බවට පත් කරනවාද කියන එක ගැන.කෙසේ නමුත් ඔබතුමා ඉදිරිපත් කරපු කාරණය පිළිබඳව අපි අවධානය යොමු කරන්න කැමතියි. නමුත් තවම එබඳු තීරණයක් නිල වශයෙන් ගෙන නැති බව කිව යුතුයි.