Home අද ජාතික පාසල් 396න් පාසල් 159කම සුදුසුකම් සම්පූර්ණ කළ විදුහල්පතිවරු නෑ

ජාතික පාසල් 396න් පාසල් 159කම සුදුසුකම් සම්පූර්ණ කළ විදුහල්පතිවරු නෑ

63
0

මෙරට ජාතික පාසල් 396 අතරින් පාසල් 159 ක් සඳහා සුදුසුකම් සම්පූර්ණ කළ විදුහල්පතිවරු නැති බව පාර්ලිමේන්තුවේදී අද (10) අනාවරණය විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා පිළිතුරු ලබා දෙමින් මේ බව අනාවරණය කළේය.

විදුහල්පති තනතුරේ ඇති වගකීම් සහ රාජකාරී දැරීමට ඇති අකමැත්ත නිසා සුදුසුකම් සම්පූර්ණ කළ අය මේ සඳහා ඉල්ලුම් නොකරන බව නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.

කෙසේ වෙතත් පළමු ශ්‍රේණියේ තනතුරුවලට අයදුම්පත් කැඳවීමේ දී දෙවන ශ්‍රේණියේ විදුහල්පති තනතුරු වලට සුදුසුකම් සම්පූර්ණ කළ අපේක්ෂකයන්ට ද අවස්ථාව සලසා දීම සඳහා අදාල අංශ සමග සාකච්ඡා කර පියවර ගන්නා බව මධුර සෙනවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය

Previous articleබොරතෙල් බැරලයක මිල පහළට
Next articleඅප්‍රේල් 15 ගැන රජය තාම තීරණයක් අරගෙන නෑ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here