Home අද අදානි සමූහය : ඇමරිකාව අතහැර කොළඹ වරායට බහින්න තීන්දුවක් අරගෙන !

අදානි සමූහය : ඇමරිකාව අතහැර කොළඹ වරායට බහින්න තීන්දුවක් අරගෙන !

297
0

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා අදානි සමූහය ඇමරිකාව සමඟ ඇතිකර ගත් ඩොලර් මිලියන 553ක ණය ගිවිසුමෙන් ඉවත් වී තිබේ .

ඊට හේතුවී තිබෙන්නේ අදානි සමූහයේ නිර්මාතෘ ගෞතම් අදානිට එරෙහිව අමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් හා දූෂණ චෝදනා ගොනුකර ඇති පසුබිම බවද වාර්තා වෙයි .

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට අදාළ ව්‍යාපෘතිය සඳහා අදානි සමූහය , ඇමරිකානු මූල්‍ය දායකත්වය ගැනීම සඳහා පසුගිය වසරේදී ගිවිසුමකට එළැඹුණ නමුත් ගෞතම් අදානිට එරෙහිව අල්ලස් හා දූෂණ චෝදනා ඉදිරිපත්වීම සමඟ කොහොමටත් අදාළ ණය මුදල ලැබීම අවිනිශ්චිතව තිබී ඇත .

කෙසේ නමුත් අදානි සමූහය තීන්දු කර තිබෙන්නේ කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සිය අභ්‍යන්තර ප්‍රාග්ධනය යොදවා සිදුකිරීමටය .

ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ ඒ අනුව කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය ව්‍යාපෘතිය සඳහා අදානි සමූහය සිය අභ්‍යන්තර ප්‍රාග්ධන සංචිත යෙදවීමට නියමිත බවය.

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා පිහිටවනු ලැබූ සමාගමේ බහුතර කොටස් අදානි සමූහයට හිමිව තිබේ.

එම ව්‍යාපෘතිය සඳහා අමරිකාව මූල්‍ය දායකත්වය දැක්වීම සඳහා පසුගිය වසරේදී ගිවිසුමකට එළැඹුණි.

එහෙත් අදානි සමූහයේ නිර්මාතෘ ගෞතම් අදානිට එරෙහිව අමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් හා දූෂණ චෝදනා ගොනුකිරීම නිසා අදාළ මූල්‍යාධාරය ලැබීම අවිනිශ්චිතව තිබුණි.

එවන් පසුබිමක අදානි සමූහය මෙලෙස අදාළ ණය ගිවිසුමෙන් ඉවත් ව තිබේ.

Previous articleඅසාධ්‍ය වූ සිවාජි ICU දායි !
Next articleපුනරුද පොලිසියටත් සාමකාමී විරෝධතා ඇලජික් : පිටකොටුව උණුසුම් වෙයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here