Home අද සිලින්ඩරේ වැඩ ගැන දිනේෂ් කනස්සල්ලෙන්

සිලින්ඩරේ වැඩ ගැන දිනේෂ් කනස්සල්ලෙන්

165
0

ගෑස් සිලින්ඩරය ලකුණින් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ක්‍රියාකලාපය පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැඩි කලකිරීමකින් සිටින බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක බෙදී ගිය ආකාරය සහ ඒ සම්බන්ධව කටයුතු කළ ආකාරය පිළිබඳව හිටපු අග්‍රාමාත්‍යවරයා දැඩි විරෝධය පළ කර ඇති බවද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මැතිවරණයේදී පලපුරුදු අය පාර්ලිමේන්තුවට එවන ලෙස ඉල්ලා සිටි පක්ෂයක් එවැනි පළපුරුද්දක් හෝ අත්දැකීම් නැති අය පාර්ලිමේන්තුවට යවන්නේ කුමන පදනමකින් දැයි ප්‍රශ්න කර කරන ප්‍රශ්න කරන හිටපු අමාත්‍යවරයා තමාද ඒ සම්බන්ධයෙන් සිටින්නේ දැඩි කනස්සල්ලෙන් බව පැවසීය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සිටින අය අතුරින් මෙවර පාර්ලිමේන්තුවට යැවීමට සුදුසුම පුද්ගලයා වන්නේ දිනේෂ් ගුණවර්ධන මහතා බව පවසන බන්දුල ගුණවර්ධන මහතා ඔහු දශක කීපයක් පාර්ලිමේන්තුව නියෝජනය කර ස්ථාවර නියෝග සහ අනෙකුත් අණපනත් හසල දැනුමක් සහ අත්දැකීම් වලින් පරිපූර්ණ නායකයෙකු බව පෙන්වා දුන්නේය.

එවැනි හැකියාව දක්ෂතාවය පළපුරුද්ද ඇති නායකයෙක් පාර්ලිමේන්තුවට නොයවා නොදරුවන් යැවීමෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යභාරය කෙසේ ඉටුකර ගනීවිද යන්න ප්‍රශ්න සහගත බව බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Previous articleසහල් සඳහා සතොසත් සීමා දාලා !
Next articleඅවසන් තීරණය සජිත්ට බාර දෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here