Home අද සහල් සඳහා සතොසත් සීමා දාලා !

සහල් සඳහා සතොසත් සීමා දාලා !

101
0

රට තුළ පවතින සහල් හිඟය හේතුවෙන්, රජයට අයත් ලංකා සතොස ආයතනය විසින්ද සහල් නිකුත් කිරීමට සීමා පනවා ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

ඊට අනුව සතොස විසින් එක් පාරිභෝගිකයකු සඳහා වරකට නාඩු හා කැකුළු සහල් නිකුත් කරන්නේ කිලෝ දහයක් බැගින් පමණකි .

මීට පෙර මෙරට ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයකද සහල් එක් වර්ගයකින් එක් පාරිභෝගිකයෙකුට නිකුත් කරනු ලබන්නේ සහල් කිලෝ තුන බැගින් පමණක් වන ලෙස සීමා පනවා ඇත.

මේ වනවිට පවතින සහල් හිඟය සමනය කිරීමට සහල් ආනයනය කිරීමට රජය කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසා සිටියේරට තුළ ඇති විය හැකි සහල් හිඟයට විසඳුමක් ලෙස නාඩු සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට තීරණය කළ බවයි.

එකී ආනයනික සහල් තොග දෙසැම්බර් 15 පමණ වන විට වෙළෙඳපොළට නිකුත් කෙරෙනු ඇති බවද සඳහන් වෙයි.

කෙසේ වුවත් ජනාධිපති අනුර දිසානායක මහ මැතිවරණයට පෙර මෙරට මහා පරිමාණයේ සහල් මෝල් හිමියන්, කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡා වලදී අවධාරණය කර සිටියේ සහල් ඇටටක් හෝ ආනයනය නොකරන බවත්, සංචාරක කර්මාන්තය සඳහා අවශ්‍ය සහල් පමණක් ආනයනය සඳහා ඉඩදෙන බවත් ය.

නමුත් ඒ තීරණය පසුපසට ගැනීමට පළමු අමාත්‍ය මණ්ඩල හමුවේදීම සිදුවූ අතර ගොවි සංගම් චෝදනා කරන්නේ ආණ්ඩුව සහල් ආනයනය කිරිමට ගනුලැබූ තීරණය හමුවේ වී මිල පහළ වැටේමින් මෝල් හිමියන්ට වාසි සහගත තත්ත්වයක් ඇති වන බවත්, ගොවියා තවදුරත් පීඩාවට පත්වෙන බවත් ය.

Previous articleඋතුරු සහ නැගෙනහිරට චීනෙන් ආධාර වරුසාවක් (PHOTOS)
Next articleසිලින්ඩරේ වැඩ ගැන දිනේෂ් කනස්සල්ලෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here