ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙලාවට මුදල් මුද්‍රණය කලයුතු බවත් ණයක් අවශ්‍ය වෙලාවට ණය ගතයුතු බවත් ජාතික ජන බලවේග රජයක් යටතේ ඉදිරියේදී එමකටයුතු සිදුවන බව එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක සමන්ත විද්‍යාරත්න පවසනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (03) බදුල්ලේ පවතී මැතිවරණ රැළියක අමතමින්.
අලුත් ආණ්ඩුව සල්ලි අච්චු ගසන බවත් ණය ගන්නා බවත් විපක්ෂය විසින් කෑ ගසමින් සිටින්නේ මේ ආණ්ඩුව අවශ්‍ය වෙලාවට මුදල් මුද්‍රණය කිරීම නොකළ යුතුදැයි ඒ මහතා ප්‍රශ්න කර සිටිනවා
නැවත වතාවක් මේ රට පෙරලපු, බංකොලොත් කරපු නායකයින්ට රට බාරනොදෙන බව කියා සිටි ඒ මහතා ජාතික ජන බලවේගය ආණ්ඩුව වැටෙනතුරු බලා සිටින බොහොමයක් දෙනා තව නොබෝ කලකින් බෝගම්බරට සහ අඟුණකොලපැලස්සට වැටෙන්න නියමිත බව කියා සිටියා.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස පත්වීමෙන් අනතුරුව අනෙක් පක්ෂ සියල්ලම අර්බුද වලට ගොස් ඇති බවත් සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී කියා සිටියා.
බදුල්ලේ පවතී මෙම මැතිවරණ රැළියට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගි විය.