Home අද හාල්මෝල් හිමියන්ගේ මාෆියාව තුරන් කරන්න රජයෙන් කෝටි 3000ක වී මිලදී ගන්න යයි

හාල්මෝල් හිමියන්ගේ මාෆියාව තුරන් කරන්න රජයෙන් කෝටි 3000ක වී මිලදී ගන්න යයි

58
0

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 3000 වෙන්කිරීමට මුදල් අමාත්‍යාංශය එකඟතාවය පළ කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවය පළ වී තිබේ.

මෙම මුදලින් වී මෙට්‍රික් ටොන් ‍ය තුනක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්
එම් පී එන් එම් වික්‍රමසිංහ මහතා පැවසීය.

මහා පරිමාණ හාල්මෝල් හිමියන්ගේ මාෆියාව තුරන් කිරීමට මෙමගින් හැකි වනු ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය
විශ්වාසය පළ කරයි.

ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ සහල් හා වීමෝල් හිමියන්ට ලබා දෙන ණය මුදල මින් ඉදිරියට කන්නයක ගොයම් කැපීමට පෙර ලබාදීමටද කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙම වැඩපිළිවෙළ මගින් ගොවි ජනතාවට මෙන්ම පාරිභෝගික ජනතාවට සෙතක් සැලසෙනු ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Previous articleSTF පොලිස් පරීක්ෂකවරයාගේ බැංකු ගිණුමට ලක්ෂ හතළිහක් අවේ ක්ලබ් වසන්තට වෙඩි තියන්න T56 දීලද?
Next articleලංකාවට ඕනේ වෙලාවට සල්ලි අච්චු ගහන්න ඕනේ. ණය ඕනේ වෙලාවට ණය ගන්න ඕනේ. මාලිමා රජයකින් ඉස්සරහට ඒවා සිද්ධ වෙයි – සමන්ත විද්‍යාරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here