Home අද සජිත් අනුර මේවට උත්තර දියාපියෝ … ජනපති වමේ භාෂාවෙන් ඇමතූ හැටි

සජිත් අනුර මේවට උත්තර දියාපියෝ … ජනපති වමේ භාෂාවෙන් ඇමතූ හැටි

1321
0

ජනතාව අසීරුකාලසීමාවක් ගතකරන අවස්ථාවේදී ආණ්ඩුව භාරනොගෙන සැගවී සිටියේ කොහේදැයි සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකවරු ජනතාවට පැවසිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(17දා) සිය මංගල ජන හමුවට සහභාගී වෙමින් අනුරාධපුරයේදී සඳහන් කළේය.
එම ප්‍රශ්නවලට පිළිතුරු දිය නොහැකිනම් ඡන්දයට ඉදිරිපත් නොවී තම වේදිකාවේ පැමිණ අසුන්ගන්නා ලෙසද ජනාධිපතිවරයා ඔවුනට ප්‍රකාශ කළේය.

May be an image of one or more people“ඒ කාලේ අමතක කරන්න එපා. ඒ කාලේ ඩොලර් එක රුපියල් 377 යි. ගෑස් සිලිංඩරය රුපියල් 4901 යි. පෙට්‍රල් ලීටරය රුපියල් 470 යි. ඩීසල් ලීටයර රුපියල් 460 යි, භුමි තෙල් රුපියල් 375 යි. අවම බස්ගාස්තුව රුපියල් 40 යි. මේ විදිහට වියදම් වැඩිවෙලා ඔබ අධිකව දුක් වින්දා. මේ දුක් විඳපු කාලේ සජිත් ප්‍රේමදාස අනුර දිසානායක කොහෙද හිටියේ. ජනතාවගේ දුක තේරෙනවානම් ආණ්ඩුබලය අරගෙන විසඳන්න තිබුණේ. ඒ වගේ අසීරු වෙලාවක ක්‍රියාත්මක නොවී කෙහෙද ඔවුන් හිටියේ කියලා කරුණාකරලා කියන්න. අපේ පරණ වමේ භාෂාවෙන් කියනවානම් මේවට උත්තර දියාපියෝ.. මේවට පිළිතුරු දෙන්න ඔනේ. පිළිතුරු දෙන්න බැරිනම් ඡන්දෙ ඉල්ලන්න එපා. ඔබතුමලත් ඇවිත් මේ වේදිකාව දෙපැත්තේ වාඩිවෙන්න. යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම ජනහමුවට විවිධ පක්ෂ සහ දේශපාලන සංධාන නියෝජනය කරමින් නියෝජිතයෝ රැසක් සහභාගී වු අතර අතිවිශාල ජනකායක් එක්ව සිටියහ.

May be an image of one or more people, newsroom, dais and text

May be an image of one or more people and crowd

 

 

Previous articleජනපති සටන අරඹමින් “පුළුවන් ශ්‍රී ලංකා” අනුරාධපුර රැලියට ජනපති පැමිණෙයි
Next articleමම ජනාධිපති වුනාම ඉන්ධන හා විදුලි ගාස්තු අඩු කරනවා – අනුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here