Site icon Newshub

සජිත් අනුර මේවට උත්තර දියාපියෝ … ජනපති වමේ භාෂාවෙන් ඇමතූ හැටි

පරණ වමේ භාෂාවෙන් සජිත්, අනුරගෙන් ජනපති ඇසූ දේ  ? HE Anuradapura Meeting | Rupavahini News

ජනතාව අසීරුකාලසීමාවක් ගතකරන අවස්ථාවේදී ආණ්ඩුව භාරනොගෙන සැගවී සිටියේ කොහේදැයි සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකවරු ජනතාවට පැවසිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(17දා) සිය මංගල ජන හමුවට සහභාගී වෙමින් අනුරාධපුරයේදී සඳහන් කළේය.
එම ප්‍රශ්නවලට පිළිතුරු දිය නොහැකිනම් ඡන්දයට ඉදිරිපත් නොවී තම වේදිකාවේ පැමිණ අසුන්ගන්නා ලෙසද ජනාධිපතිවරයා ඔවුනට ප්‍රකාශ කළේය.

“ඒ කාලේ අමතක කරන්න එපා. ඒ කාලේ ඩොලර් එක රුපියල් 377 යි. ගෑස් සිලිංඩරය රුපියල් 4901 යි. පෙට්‍රල් ලීටරය රුපියල් 470 යි. ඩීසල් ලීටයර රුපියල් 460 යි, භුමි තෙල් රුපියල් 375 යි. අවම බස්ගාස්තුව රුපියල් 40 යි. මේ විදිහට වියදම් වැඩිවෙලා ඔබ අධිකව දුක් වින්දා. මේ දුක් විඳපු කාලේ සජිත් ප්‍රේමදාස අනුර දිසානායක කොහෙද හිටියේ. ජනතාවගේ දුක තේරෙනවානම් ආණ්ඩුබලය අරගෙන විසඳන්න තිබුණේ. ඒ වගේ අසීරු වෙලාවක ක්‍රියාත්මක නොවී කෙහෙද ඔවුන් හිටියේ කියලා කරුණාකරලා කියන්න. අපේ පරණ වමේ භාෂාවෙන් කියනවානම් මේවට උත්තර දියාපියෝ.. මේවට පිළිතුරු දෙන්න ඔනේ. පිළිතුරු දෙන්න බැරිනම් ඡන්දෙ ඉල්ලන්න එපා. ඔබතුමලත් ඇවිත් මේ වේදිකාව දෙපැත්තේ වාඩිවෙන්න. යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම ජනහමුවට විවිධ පක්ෂ සහ දේශපාලන සංධාන නියෝජනය කරමින් නියෝජිතයෝ රැසක් සහභාගී වු අතර අතිවිශාල ජනකායක් එක්ව සිටියහ.

 

 

Exit mobile version